banner-image overlay

රහස්‍යතා ප්‍රතිපත්තිය

සෑම පියවරකදීම ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපි බැඳී සිටියි

රහස්‍යතා ප්‍රතිපත්තිය | සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී වන අප, අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය, වටිනාකම්, රහස්‍යභාවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටී. මෙම ප්‍රතිපත්තිය මගින් සිංගර් ෆිනෑන්ස් විසින් ඔබෙන් රැස් කරන ඕනෑම තොරතුරක් භාවිතා කරන ආකාරය සහ අපගේ පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන වන, www.singerfinance.com වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය‍ය, සහ ජංගම යෙදුම් වැනි භාවිතාවන් තුලදී එලෙස රැස්කරගත් තොරතුරු ආරක්ෂා කරන ආකාරය දක්වයි.

අපි තොරතුරු රැස් කරන ආකාරය

සාමාන්‍යයෙන් පුද්ගලික තොරතුරු ඔබෙන් සෘජුවම රැස් කරගනී. ඔබ අපෙන් නිෂ්පාදනයක් හෝ සේවාවක් ඉල්ලා සිටින විට/අයදුම් කරන විට ඔබගෙන් තොරතුරු රැස් කෙරේ. අපට පහත ක්‍රම භාවිතා කරමින් ද තොරතුරු රැස් කළ හැක. ප්‍රචාරණ/අලෙවිකරණ ව්‍යාපාර, මාර්ගගත සහ සජීවී සමීක්ෂණ පැවැත්වීම, ඔබෙන් අපට ලැබුණු සෘජු විද්‍යුත් තැපෑල් හරහා, අපගේ ව්‍යාපාරවලට ලැබුණු ප්‍රතිචාර මගින්, ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන විට ලැබෙන තොරතුරු හරහා, ඔබ සිංගර් ෆිනෑන්ස් ශාඛා වෙත පිවිස අපගේ කාර්ය මණ්ඩලය/ නියෝජිතයන් සමඟ සෘජුවම සිදුකරන අන්තර් ක්‍රියා හරහා.

අපට තුන්වන පාර්ශව සේවාවන් භාවිතා කරමින්ද තොරතුරු රැස්කර ගත හැක. එනම්;

  • අපගේ සේවා සඳහා අයදුම් කිරීමේදී ඔබ අයදුම්පතෙහි ලැයිස්තුගත කර ඇති නිර්දේශකයන් හා ඇපකරුවන් හරහා,
  • ණය තොරතුරු කාර්යාංශය (CRIB)
  • වෙබ් අඩවි භාවිතය
  • ජංගම යෙදුම් භාවිතය

අපගේ වෙබ් අඩවිය පාරිභෝගිකයින්ගේ ලියාපදිංචි වීම්, පුරනය වීම්, නිෂ්පාදන සඳහා අයදුම් කිරීම්, තොරතුරු ඉල්ලීම් සඳහා පෝරම භාවිතා කරයි. අපි ඔවුන්ගේ නම, සේවක විස්තර, තනතුර, දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක, ලිපිනය, සහ විද්‍යුත් තැපැල් ලිපින වැනි තොරතුරු රැස් කරන්නෙමු. අවශ්‍ය විටෙක අමුත්තන් සමඟ සම්බන්ධ වීමට ඇණවුම් පෝරමයේ තොරතුරු භාවිතා කරයි.

අපි එකතු කරන්නේ

  • නම
  • ලිපිනය
  • දුරකථන අංකය
  • විද්‍යුත් තැපැල් ලිපිනය
  • ජාතික හැඳුනුම්පත් අංකය
  • රැකියා විස්තර
  • උපාංග තොරතුරු
  • ස්ථාන තොරතුරු
  • සම්බන්ධ කර ගත හැකි ආකාර
  • කෙටි පණිවුඩ තොරතුරු

අපි පුද්ගලික තොරතුරු රැස් කරන්නේ ඇයි?

  • අපගේ නීතිමය වගකීම් ඉටු කිරීමට
  • ඔබේ ණය ලැබීමට ඇති සුදුසුකම් වෙත ප්‍රවේශ වීමට
  • අප විසින් සපයනු ලබන භාණ්ඩ හෝ සේවා සඳහා ඔබගේ අයදුම්පත සැකසීමට
  • සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමේ පුහුණු සහ සංවර්ධන අරමුණු සඳහා
  • අපගේ සේවා මට්ටම් වැඩිදියුණු කිරීමේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු සඳහා

එකතු කරන ලද තොරතුරු වල ආරක්ෂාව

www.singerfinance.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශ වන්නන්ගෙන් ලැබෙන තොරතුරු, සිංගර් ෆිනෑන්ස්හි අනුබද්ධ සමාජ මාධ්‍ය පිටු, ජංගම යෙදුම්, සහ සෘජුව හෝ තෙවන පාර්ශවයක් භාවිතා කරමින් එකතු කරන ලද තොරතුරු යනාදිය මෙම ප්‍රතිපත්තියේ සඳහන් කාර්යය සඳහා හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කිසිදු තෙවන පාර්ශවයකට කිසිදු ආකාරයකට හෙළිදරව් නොකරනු ඇත. 

සිංගර් ෆිනෑන්ස් ජංගම යෙදුම

ඔබ ඔබගේ Facebook හෝ Google අනන්‍යතාවය ("තෙවන-පාර්ශව අඩවි") භාවිතයෙන් අප සමඟ ලියාපදිංචි වේ. තෙවන පාර්ශව අඩවි තුල ගිණුමක් සෑදීමෙන් හෝ ඒ හරහා ලියාපදිංචි වීමෙන්, අපට සහ අනෙකුත් අයට ඔබගේ CASHe පැතිකඩ මගින් ඔබව හඳුනා ගැනීමට හැකි වන බව ඔබ තේරුම් ගත යුතුය. කෙසේ වෙතත්, ඔබගේ පැතිකඩ උත්පාදනය කිරීම හෝ එහි ඔබ සපයන තොරතුරු සඳහා අපි කිසිදු තත්වයක් යටතේ වග නොකියනු ඇත. පරිශීලකයන් උඩුගත කරන ඡායාරූප සහ දත්ත, ඒවා භාවිතා කරන ආකාර සහ අනිසි ලෙස භාවිතා කිරීම් සඳහාද CASHe වගකියනු නොලැබේ. අපගේ සේවාව සඳහා පමණක් ඔබගේ බැංකු ගිණුම් විස්තර විමසනු ඇත.

වෙළඳ ලකුණ

මෙම වෙබ් අඩවියේ සඳහන් සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී යනු සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි ලියාපදිංචි වෙළඳ ලකුණ වේ.

ප්‍රකාශන හිමිකම්

මෙම වෙබ් අඩවියේ කොටසක් වන සියලුම දෑ, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සීහි හෝ එහි සැපයුම්කරුවන්ට අයත් ප්‍රකාශන හිමිකම් සහ / හෝ හිමිකම් කියනු ලබන, පාලනය කරන, හෝ බලපත්‍ර ලබා ඇති බුද්ධිමය දේපළ වන අතර, ඒ සියල්ල ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. 

වෙබ් අඩවිය හා සම්බන්ධ වීම

ඔබට මෙම රහස්‍යතා ප්‍රකාශය, මෙම වෙබ් අඩවියේ භාවිතයන් හෝ මෙම වෙබ් අඩවිය සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඔබට අප හා මෙලෙස සම්බන්ධ විය හැක.