ඔබගේ අයිතිවාසිකම් අපට වැදගත් !
වටිනා පාරිභෝගිකයෙකු ලෙස ඔබව ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීම කෙරෙහි අපගේ කැපවීම ගැන දැනගන්න.
Stakeholder Communication Policy document
Recoveries/Collections play a major role in finance business in order to secure the company asset. At Singer Finance Senior Manager or equal position heading the recovery division. He is assisted by Recovery Managers/executives; Recovery officers/assistants manage the collections infield level. In addition, at Branch level Branch Managers and branch staff is also involved in collection functions.
Further to strengthen the recoveries, Legal panel handles the difficult cases by way of Arbitration/ filling actions through Magistrate & District courts.
Generally Following steps will be taken as a procedure of the Company in Recoveries.
Financial Customer Protection Framework Document
The present holder of this office is Mr. Ananda Kumaradasa
The Financial Ombudsman has the power to inquire into and settle any complaints and disputes between individual customers and the financial institutions covered by the Ombudsman Scheme.
The financial institutions that are voluntarily participating in this scheme are only those regulated and supervised by the Central Bank of Sri Lanka.
The objective of the Ombudsman scheme is the satisfactory settlement and resolution of complaints/disputes by customers of banks and other financial institutions covered by the Scheme, with power to make monetary awards binding on the participating financial institutions....
පුද්ගල
සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
දිරිලිය කාන්තා ඉතුරුම් ගිණුම්
Next Gen ඉතුරුම් ගිණුම්
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් (වයස අවුරුදු 60ට වැඩි)
මුතු ළමා ඉතුරුම් ගිණුම් (වයස අවුරුදු 18ට අඩු)
ආයතනික
ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සහ වලංගු හැඳුනුම්පතක් (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයක්) ඇති, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකිය.
ශ්‍රී ලාංකාව තුල ලියාපදිංචිය සිදු කර ඇති හා වලංගු නෛතික ලියකියවිලි (ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය/සංස්ථාගත කිරීමේ සහතිකය) සහිත ඕනෑම ආයතනයක්, සමාගමක්, භාර අරමුදල් හෝ පුණ්‍යායතනයකට ආයතනික ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකිය.
ගිණුමක් විවෘත කිරීම සඳහා අවම මුදල රුපියල් 300 කි.
මුදල්, බැංකු තැන්පතු හෝ චෙක්පත් මගින් තැන්පතු පිළිගනු ලබන අතර, චෙක්පත් සිංගර් ෆිනැන්ස් (ලංකා) පි.එල්.සී නමින් "ගිණුම් හිමියාගේ ගිණුමට පමණයි" ලෙස රේඛනය කර ලබා දිය හැකිය.
ඉතිරිකිරීමේ පාස්පොත හෝ ඉතිරිකිරීමේ ප්‍රකාශය අතරින් එක් විකල්පයක් පාරිභෝගිකයා හට තෝරා ගත හැක. ඉතිරිකිරීමේ පාස්පොත අස්ථාන ගත වූවහොත් ඒ පිලිබඳව වහාම සමාගම දැනුවත් කලයුතු අතර නව පාස්පොතක් නිකුත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් සමාගමට ලබා දිය යුතුය.
පොලිය දිනපතා එකතු වන අතර මාසිකව ගිණුමට බැර කෙරේ.
සියලුම ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා හරපතක් (Debit Card) පිරිනමනු ලබන අතර එය ඕනෑම වීසා පිළිගත් ATM යන්ත්‍රයකින් සහ බලයලත් වෙළෙන්දන්ගේ POS යන්ත්‍රයකින් භාවිතා කළ හැක.
සියලුම ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා අන්තර්ජාල බැංකු පහසුකම ඇත.
ගිණුමේ අවම ශේෂය රුපියල් 300ක් විය යුතුය.
දින 365ක් දක්වා ගනුදෙනු නොමැති ඉතිරිකිරීමේ ගිණුම් අක්‍රිය වන අතර, නැවත සක්‍රිය කිරීම පාරිභෝගිකයාගේ ඉල්ලීම මත සිදු කරනු ලැබේ. අක්‍රිය තත්ත්වයේ වසර 10ක් දක්වා දිගටම පවතී නම්, එවැනි ගිණුම් 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මහ බැංකුවට වාර්තා කරනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිම වශයෙන් රුපියල් 1,100,000ක් දක්වා වන්දි ගෙවීම සඳහා, ඉතුරුම් ගිණුම් රක්ෂණය කර ඇත.
ගිණුම වසා දැමීමකදී, සමාගම විසින් රුපියල් 300ක සේවා ගාස්තුවක් අඩු කරනු ලැබේ.
අනවසර හෝ වැරදි ගනුදෙනුවක් සිදුවුවහොත්, සහාය සඳහා වහාම සමාගමට දැනුම් දිය යුතුය.
ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම සඳහා පහත ලිපි ලේඛන නිසි පරිදි පුරවා ළඟම ඇති ශාඛාව වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. අවශ්‍ය නම් ඔබට මෙහි ලේඛන පහත සබැඳියෙන් බාගත කළ හැක.
https://www.singerfinance.com/downloads/
තනි පුද්ගල/ හවුල්
ඉතුරුම් අයදුම් පත්‍රය
ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
FATCA පෝරමය
ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛන (අවශ්‍ය නම්)
අන්තර්ජාල බැංකු පහසුකම සඳහා අයදුම්පත
හරපත් (Debit Card) අයදුම්පත
නාමිකයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ලේඛන (අවශ්‍ය නම්)
ආයතන සඳහා
ඉතුරුම් අයදුම් පත්‍රය
ආයතනය පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
FATCA පෝරමය
ව්‍යාපාර ලියාපදිංචිය/සංස්ථාගත කිරීමේ සහතිකය
සමාගම් ව්‍යවස්ථාව
අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාව
ප්‍රතිලාභී හිමිකාරිත්වයේ ප්‍රකාශය
අධ්‍යක්ෂකවරුන් පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
බලයලත් අත්සන්කරුවන් තහවුුරු කිරීමේ ලිපිය
බලයලත් අත්සන්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක්
පෝරමය 20
පෝරමය 13 (සමාගමේ ලිපිනය වෙනස්වී ඇත්නම්)
අප සමාගම ආකර්ශනීය පොලී අනුපාත ඉතුරුම් ගිණුම් සඳහා පිරිනමනු ලැබේ. පාරිභෝගිකයාට දැනුම් දීමකින් තොරව ගාස්තු සංශෝධනය කිරීමට සමාගමට අයිතිය ඇත.
පොලී අනුපාත පත්‍රය පහත සබැඳියෙන් බාගත කළ හැක.
https://www.singerfinance.com/savings-accounts/
මෙහි පැමිණිලි හෝ යෝජනා ඉදිරිපත් කළ හැක.
අවශ්‍ය නම් පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය පහත සබැඳියෙන් බාගත කළ හැක.
මුතු ළමා ඉතුරුම් ගිණුම්
මුතු ළමා ඉතුරුම් ගිණුම බාල වයස්කරුවෙකුගේ (වයස අවුරුදු 18 ට අඩු) නමින් දෙමාපියන්/භාරකරු විසින් විවෘත කළ හැක.
බාල වයස්කරුගේ උප්පැන්න සහතිකය, දෙමාපියන්ගේ/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක් සහ පදිංචිය තහවුරු කිරීමේ ලේඛන (අවශ්‍ය නම්) ඉදිරිපත් කළ යුතුය.
ගිණුමක් විවෘත කිරීම සඳහා අවම මුදල රුපියල් 300 කි.
මුදල්, බැංකු තැම්පතු හෝ චෙක්පත් මගින් තැන්පතු පිළිගනු ලබන අතර, චෙක්පත් සිංගර් ෆිනැන්ස් (ලංකා) පි.එල්.සී නමින් "ගිණුම් හිමියාගේ ගිණුමට පමණයි" ලෙස රේඛනය කර ලබා දිය හැකිය.
බාල වයස්කරුගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට, ගිණුම ස්වයංක්‍රීයව සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට මාරු වේ. කෙසේ වෙතත්, බාල වයස්කරු ශාඛාවකට පැමිණීමෙන් සහ ඔහු/ඇය ගිණුම් හිමියා බව ඔප්පු කිරීමෙන් හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් මිස, බාල වයස්කරුට ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට නොහැකි වනු ඇත. මීට අමතරව, අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් අලුත් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යාමට ගිණුම් හිමියාට අවස්ථාව තිබේ. සාමාන්‍ය ඉතුරුම් ගිණුම් යටතේ වර්ග කර ඇති සියලුම ගිණුම් සඳහා සමාගමේ සාමාන්‍ය අක්‍රිය ප්‍රතිපත්තිය අදාළ වේ.
බාල වයස්කරුට වයස අවුරුදු 18 සම්පූර්ණ වනතුරු මුදල් ආපසු ගැනීමට අවසර නොදේ.
සියලුම මුතු ඉතුරුම් ගිණුම් සඳහා පාස්පොතක් නිකුත් කෙරේ.
පොලිය දිනපතා එකතු වන අතර මාසිකව ගිණුමට බැර කෙරේ.
ගිණුම විවෘත කරන දින සිට මාස හැටක් (වසර 5ක්) සම්පූර්ණ වූ පසු, ශේෂය බාල වයස්කාරයා විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් ගිණුමකට, දෙමාපියන්ගේ/භාරකරුගේ අභිමතය පරිදි මාරු කළ හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිම වශයෙන් රුපියල් 1,100,000ක් දක්වා වන්දි ගෙවීම සඳහා, ඉතුරුම් ගිණුම් රක්ෂණය කර ඇත.
වයස අවුරුදු 18 දී ගිණුම වසා දැමීමකදී හෝ වෙනත් බැංකුවක/මූල්‍ය සමාගමක පවත්වාගෙන යන ගිණුමකට මාරු කිරීමකදී, සමාගම විසින් රුපියල් 300ක සේවා ගාස්තුවක් අඩු කරනු ලැබේ.
ගිණුම අප සමඟ සාමාන්‍ය ගිණුමකට මාරු කරන්නේ නම්, කිසිදු සේවා ගාස්තුවක් අය නොකෙරේ.
ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම සඳහා පහත ලිපි ලේඛන නිසි පරිදි පුරවා ළඟම ඇති ශාඛාවට ඉදිරිපත් කළ යුතුය. අවශ්‍ය නම් ඔබට මෙහි ලේඛන පහත සබැඳියෙන් බාගත කළ හැක.
https://www.singerfinance.com/downloads/
ඉතුරුම් අයදුම් පත්‍රය
උප්පැන්න සහතිකයේ පිටපතක් - බාල වයස්කරුගේ
ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC) - දෙමාපියන්ගේ/භාරකරුගේ
FATCA පෝරමය - දෙමාපියන්ගේ/භාරකරුගේ
ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක් - දෙමාපියන්ගේ/භාරකරුගේ
ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛන (අවශ්‍ය නම්)
අප සමාගම ආකර්ශනීය පොලී අනුපාත ළමා ඉතුරුම් ගිණුම් සඳහා පිරිනමනු ලැබේ. පාරිභෝගිකයාට දැනුම් දීමකින් තොරව ගාස්තු සංශෝධනය කිරීමට සමාගමට අයිතිය ඇත.
පොලී අනුපාත පත්‍රය පහත සබැඳියෙන් බාගත කළ හැක.
https://www.singerfinance.com/savings-accounts/
මෙහි පැමිණිලි හෝ යෝජනා ඉදිරිපත් කළ හැක.
අවශ්‍ය නම් පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය පහත සබැඳියෙන් බාගත කළ හැක.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සහ වලංගු හැඳුනුම්පතක් (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයක්) ඇති, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට ස්ථාවර තැන්පතුවක් ඇරඹිය හැකිය.
අවම තැන්පතුව රුපියල් 5,000 කි.
තැන්පතු තනි තනිව හෝ හවුල්ව උපරිම වශයෙන් හිමිකරුවන් තිදෙනෙකුගෙන් ඇරඹිය හැක.
පුද්ගලයන්, ආයතනික, සංගම්, භාර අරමුදල් හෝ පුණ්‍යායතන වලින් තැන්පතු පිළිගත හැක.
මුදල්, බැංකු තැන්පතු හෝ චෙක්පත් මගින් තැන්පතු පිළිගනු ලබන අතර, චෙක්පත් සිංගර් ෆිනැන්ස් (ලංකා) පි.එල්.සී නමින් "ගිණුම් හිමියාගේ ගිණුමට පමණයි" ලෙස රේඛනය කර ලබා දිය හැකිය.
ඉල්ලුම්පත්‍රයේ නම් කරන ලද ගෙවන්නෙකුට පොලිය මාසිකව හෝ කල් පිරෙන විට ගෙවිය හැක.
තැන්පතු කල්පිරීමට දින 7-14කට පෙර අලුත් කිරීමේ නිවේදනයක් ලැබෙනු ඇත. තැන්පතු සඳහා කිසියම් වෙනසක් සිදු කිරීම සඳහා, කල්පිරීමේ දිනට හෝ ඊට පෙර, උපදෙස් සහ අත්සන සමඟ අලුත් කිරීමේ නිවේදනය අප වෙත යොමු කිරීමට අවශ්‍ය වේ. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, පෙර උපදෙස් අනුව පවතින පොලී අනුපාත යටතේ එම කාලසීමාව සඳහා තැන්පතුව ස්වයංක්‍රීයව අලුත් වේ.
තැන්පතු මුදල් ආපසු ගැනීම සඳහා තැන්පත්කරු තැන්පතු සහතිකය භාර දීමට අවශ්‍ය වනු ඇත.
ස්ථාවර තැන්පතු කල් පිරෙන දිනට පෙර ආපසු ලබාගත නොහැක. කෙසේ වෙතත්, කල්පිරීමට පෙර තැන්පතු හෝ එහි යම් කොටසක් ආපසු ලබා ගැනීමකදී, තැන්පතු කාලසීමාව අනුව පොලී අඩු කිරීමක් සිදු කෙරේ. තැන්පත්කරුවෙකුට දැනටමත් ගෙවා ඇති ඕනෑම අතිරික්ත පොලියක් සමාගම විසින් ආපසු අයකර ගනු ලැබේ. එබැවින් එම අතිරික්ත ගෙවීම තැන්පතු මුදලින් අඩු කිරීමට සමාගමට හිමිකම් ඇත.
කල් පිරෙන දිනට පෙර මුදල් ආපසු ලබා ගැනීමකදී, දෙනු ලබන පොලී අනුපාතය පහත පරිදි වේ. මෙම පොලී අනුපාතය වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත.
දින 0 – 29 | පොලියක් නොමැත |
දින 30 | 179 - 2.5% |
දින 180 සහ ඊට වැඩි | 3.5% |
*කල් පිරෙන දිනට පෙර මුදල් ආපසු ලබා ගැනීමකදී, මාසයක් සඳහා තැන්පත් කරන ලද තැන්පතු සඳහා පොලී ගෙවනු නොලැබේ.
පොලී අදායම් මුදල්, ගෙවන්නාගේ නමින් චෙක්පතකින් හෝ නම් කරන ලද බැංකු ගිණූමකට බැර කල හැකි අතර, ඒ සදහා කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකරේ.
තැන්පතුකරුවන්ට තම ස්ථාවර තැන්පතු වටිනාකමෙන් උපරිම වශයෙන් 75% (පොලිය මාසිකව ගෙවන්නේ නම්) හෝ 80% (කල්පිරීමේදී පොලිය ගෙවන්නේ නම්) දක්වා තාවකාලික ආපසු ගෙවීම් (ණය) ලබා ගත හැකිය. එවැනි ආපසු ගෙවීම් තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාතයට වඩා වසරකට 5%ක සියල්ල ඇතුළත් සේවා ගාස්තුවකට යටත් වේ. මෙම පහසුකම කළමනාකාරිත්වයේ අභිමතය පරිදි ලබාදෙන අතර, ඕනෑම වේලාවක තාවකාලික ආපසු ගෙවීම් සඳහා අය කරන සේවා ගාස්තුව වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත. මෙම පහසුකම සඳහා ඇපකරය ලෙස තැන්පතු සහතිකය ආයතනය සතුව තබා ගන්නා අතර, මෙම පහසුකම් වලට අදාල තොරතුරු, නියමයන් සහ කොන්දේසි කලින් කලට වෙනස් වීමට යටත් විය හැකි බැවින් නවතම තොරතුරු, පවතින නියමයන් සහ කොන්දේසි දැන ගැනීම සඳහා ප්‍රධාන ශාඛාවේ තැන්පතු අංශය හෝ ඔබට ළඟම ඇති ශාඛාව සම්බන්ධ කර ගැනීම සුදුසු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිම වශයෙන් රුපියල් 1,100,000ක් දක්වා වන්දි ගෙවීම සඳහා, ස්ථාවර තැන්පතු රක්ෂණය කර ඇත.
2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතට අනුව, උපරිම වසර 10ක් දක්වා ගනුදෙනු හෝ ලිපි හුවමාරුවක් නොමැති තැන්පතු අක්‍රිය ලෙස සලකුණු කර පසුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කරනු ලැබේ.
අනවසර ගනුදෙනු හෝ වැරදිමකින් සිදු වු ගනුදෙනු හදුනා ගත් විට, අප ද්විත්ව පාලන යාන්ත්‍රණයක් තුලින් එය නිවැරදි කරනු ලැබේ.
තැන්පතුවට අදාල මුල් සහතිකය අස්ථාන ගත වුවහොත් ඒ පිලිබඳව වහාම සමාගමට දැනුම් දිය යුතුය. නව සහතිකයක් නිකුත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් සමාගමට ලබා දිය යුතුය.
මෙහි දක්වා ඇති පොලී අනුපාත අනුව මසක කාලයක සිට වසර 5 දක්වා මුදල් තැන්පතු කළ හැකිය (පහත සබැඳියෙන් බාගත කළ හැක). https://www.singerfinance.com/fixed-deposit-rates/
ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීම සඳහා පහත ලිපි ලේඛන නිසි පරිදි පුරවා ළඟම ඇති ශාඛාව වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. අවශ්‍ය නම් පහත සබැඳියෙන් බාගත කළ හැක.
https://www.singerfinance.com/downloads/
තනි පුද්ගල/ හවුල්
ස්ථාවර තැන්පතු අයදුම් පත්‍රය
ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
FATCA පෝරමය
ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛන (අවශ්‍ය නම්)
නාමිකයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛන (අවශ්‍ය නම්)
ආයතනික
ස්ථාවර තැන්පතු අයදුම් පත්‍රය
ආයතනය පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
FATCA පෝරමය
ව්‍යාපාර ලියාපදිංචිය/සංස්ථාගත කිරීමේ සහතිකය
සමාගම් ව්‍යවස්ථාව
අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාව
ප්‍රතිලාභී හිමිකාරිත්වයේ ප්‍රකාශය
අධ්‍යක්ෂකවරුන් පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
බලයලත් අත්සන්කරුවන් තහවුුරු කිරීමේ ලිපිය
බලයලත් අත්සන්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක්
පෝරමය 20
පෝරමය 13 (සමාගමේ ලිපිනය වෙනස්වී ඇත්නම්)
ආයතනය පිලිබදව ඔබට ඇති පැමිණිලි හෝ යෝජනා මෙතැනින් ඉදිරිපත් කළ හැකිය.
ආයතන්යේ පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය ඔබට අවශ්‍ය වේ නම් පහත සබැඳියෙන් බාගත කළ හැක.
සිංහල
දෙමළ
සිංහල
දෙමළ
සිංගර් ෆිනෑන්ස් හි ප්‍රධාන මූල්‍ය පහසුකම්
පුද්ගලික හෝ ව්‍යාපාරික භාවිතය සඳහා වාහන, යන්ත්‍ර සූත්‍ර හෝ දේපළ මිලදී ගැනීම් ඇතුළුව ඔවුන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ ණය නිර්ණායක සපුරාලන පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ආයතන වලට අපි මූල්‍ය පහසුකම් සපයන්නෙමු.
වත්කම් (වාහන/යන්ත්‍රෝපකරණ / දේපල) සහ පාරිභෝගිකයාගේ ආපසු ගෙවීමේ හැකියාව සහ අනෙකුත් කොන්දේසි මත පදනම්ව සිංගර් ෆිනෑන්ස් ආයතනය පහසුකම් සඳහා මිල ගණන් පිරිනමන්නේ තරඟකාරී සහ විනිවිදභාවයකින් යුත් ගාස්තු සහ කොන්දේසි මතය.
මූල්‍ය කරණය, කුලී, උපරිම ආපසු ගෙවීමේ කාලය, අමතර ආරක්ශණ අවශ්‍යතා සහ වෙනත් නියමයන් සහ කොන්දේසි, සන්නාමය, නිෂ්පාදිත රට සහ ඇස්තමේන්තුගත ආර්ථික ජීවිතය, නිෂ්පාදිත වර්ෂය සහ වාහනයට හෝ යන්ත්‍ර සූත්‍ර වලට අදාළ අනෙකුත් සියලුම විචල්‍යයන් අනුව වෙනස් වේ.
පහසුකමක් ලබා දීමට පෙර, අප විසින් ආපසු ගෙවීමේ හැකියාව, අතීත ගෙවීම් හැසිරීම්, ශුද්ධ ආදායම සහ පාරිභෝගිකයාට අදාළ අනෙකුත් කරුණු ස්වාධීනව ඇගයීමට ලක් කර සත්‍යාපනය කරනු ඇත.
අප සමඟ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඔබේ පහසුකමට අදාළ මාසික කුලී සහ අනෙකුත් ගාස්තු පැහැදිලි කරන්නෙමු.
අපගේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අපගේ නියමයන් සහ කොන්දේසි ලබා ගැනීමට, සහ පැහැදිලි කර ගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
ගිවිසුමට ඇතුල් වන අවස්ථාවේදී මිල ගණන් සහ අනෙකුත් නියමයන් සහ කොන්දේසි පිළිබඳව ඔබ සිංගර් ෆිනෑන්ස් නියෝජිතයින්ගෙන් තහවුරු කර ගත යුතුය.
ලීසිං
මෝටර් රථ රෙජිස්ටාර් (RMV) විසින් පිළිගත් සියලුම වාහන කාණ්ඩවලට අපි පහසුකම් සපයන්නෙමු.
උදා මෝටර් කාර්, වෑන්, ද්විත්ව කාර්යය වාහන, මෝටර් ලොරි, ඉඩම් වාහන, මෝටර් කෝච් (බස්), ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් ආදිය.
අප විසින් අනුමත කරන ලද නියමයන් සහ කොන්දේසි වලට යටත්ව, ඔබට ඔබේ ආදායම් උත්පාදන රටාවට ගැලපෙන, සමාන කුලී හෝ ව්‍යුහගත ගෙවීම් වලින් ආපසු ගෙවිය හැක.
(2007 අංක 33 දරණ ෆිනෑන්ස් ලීසිං පනත (සංශෝධන) සහ ගිවිසුම් නීතිය ලීසිං නිෂ්පාදන මූල්‍යකරණයට අදාළ පවතින නීති පනත් වේ.)
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 16.25% (වසරකට),
උපරිම අනුපාතය - 37.00% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 4.5% (මාසිකව)
වෙනත් ගාස්තු
සේවා ගාස්තු: ගිවිසුමේ වටිනාකමට අනුව/වාහනයේ වර්ගය අනුව (පහත වගුව බලන්න)
රක්ෂණ වාරික ගාස්තුව: රක්ෂණ මිල ගණන් අනුව (වාරිකය මුදල් ලෙස හෝ / සහන කාලයක් ඇතුලත ගෙවිය හැක)
මුද්දර ගාස්තු: අදාළ නම්, ලැබිය යුතු ශුද්ධ මුදලින් 1%
RMV හුවමාරු ගාස්තුව: RMV මාර්ගෝපදේශ අනුව
චක්‍රීය ණය
චක්‍රීය ණය සඳහා ආපසු ගෙවීමේ නියමයන් සහ කොන්දේසි නම්‍යශීලී වේ.
ගිවිසුමට ඇතුල් වන අවස්ථාවේ අප විසින් නියම කරන ලද මාසික අවම පොලී ගෙවීමට යටත්ව ඔබට කැමති පරිදි ආපසු ගෙවිය හැකිය.
ගිවිසුමේ කාලසීමාව තුළ ඔබට කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ණය පහසුකම ගෙවා අවසන් කළ හැකිය.
(1990 අංක 3 දරන උකස් පනත (සංශෝධන) සහ ගිවිසුම් නීතිය යනු චක්‍රීය ණය සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනත වේ.)
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 16.50% (වසරකට), උපරිම අනුපාතය- 22.00% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 4.5% (මාසිකව)
වෙනත් ගාස්තු
සේවා ගාස්තු: ගිවිසුමේ වටිනාකමට අනුව/ වාහනයේ වර්ගය අනුව (පහත වගුව බලන්න)
රක්ෂණ වාරික ගාස්තුව: රක්ෂණ මිල ගණන් අනුව (වාරිකය මුදල් ලෙස හෝ / සහන කාලයක් ඇතුලත ගෙවිය හැක)
මුද්දර ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 0.1% (ලබාගත් ඉල්ලුමේ පොරොන්දු පත්‍රය සඳහා)
RMV හුවමාරු ගාස්තුව: RMV මාර්ගෝපදේශ අනුව
වාහන උකස් ගාස්තුව : ගිවිසුමේ වටිනාකමින් 0.1% (උකස් බැඳුම්කර සඳහා මුද්දර ගාස්තු)
උකස් බැඳුම්කර ලියාපදිංචිය සඳහා රු.250/-
වාහන උකස් බැඳුම්කර සැකසුම් ගාස්තුව සඳහා රු.5,000/-
වාහන ණය
මෝටර් රථ රෙජිස්ටාර් (RMV) විසින් පිළිගත් සියලුම වාහන කාණ්ඩ වලට අපි පහසුකම් සපයන්නෙමු.
උදා - මෝටර් කාර්, වෑන්, ද්විත්ව කාර්යය වාහන, මෝටර් ලොරි, ඉඩම් වාහන, මෝටර් කෝච් (බස්), ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් ආදිය.
අප විසින් අනුමත කරන ලද නියමයන් සහ කොන්දේසි වලට යටත්ව, ඔබට ඔබේ ආදායම් උත්පාදන රටාවට ගැලපෙන, සමාන කුලී හෝ ව්‍යුහගත ගෙවීම් වලින් ආපසු ගෙවිය හැක.
(1990 අංක 3 දරන උකස් පනත (සංශෝධන) සහ ගිවිසුම් නීතිය වාහන ණය සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනත වේ.)
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 18.50% (වසරකට), උපරිම අනුපාතය- 20.00% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 4.5% (මාසිකව)
වෙනත් ගාස්තු
සේවා ගාස්තු: ගිවිසුමේ වටිනාකමට අනුව/ වාහනයේ වර්ගය අනුව (පහත වගුව බලන්න)
රක්ෂණ වාරික ගාස්තුව: රක්ෂණ මිල ගණන් අනුව (වාරිකය මුදල් ලෙස හෝ / සහන කාලයක් ඇතුලත ගෙවිය හැක)
මුද්දර ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 0.1% (ලබාගත් ඉල්ලුමේ පොරොන්දු පත්‍රය සඳහා)
RMV හුවමාරු ගාස්තුව: RMV මාර්ගෝපදේශ අනුව
වාහන උකස් ගාස්තුව : ගිවිසුමේ වටිනාකමින් 0.1% (උකස් බැඳුම්කර සඳහා මුද්දර ගාස්තු)
උකස් බැඳුම්කර ලියාපදිංචිය සඳහා රු.250/-
වාහන උකස් බැඳුම්කර සැකසුම් ගාස්තුව සඳහා රු.5,000/-
ඉඩම් උකස් ණය (දේපල ණය)
ඉඩම් උකස් ණය සඳහා, අපට නිශ්චල දේපලක් මත මූලික උකසක් අවශ්‍ය වන අතර, එය වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් අගය කළ යුතුය.
උපරිම ණය මුදල නිශ්චල දේපලෙහි වෙළඳපල වටිනාකමෙන් 70% ක් වන අතර උපරිම ආපසු ගෙවීමේ කාලය මාස 60 (වසර 05) වේ.
1990 අංක 3 දරන උකස් පනත (සංශෝධන) සහ ගිවිසුම් නීතිය යනු නිශ්චල දේපල ණය සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනත වේ.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 18.00% (වසරකට), උපරිම අනුපාතය - 25.00% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 4.5% (මාසිකව)
වෙනත් ගාස්තු
සේවා ගාස්තුව: ගිවිසුමේ වටිනාකමට අනුව (පහත වගුව බලනන)
රක්ෂණය (DTA): අදාළ නම් - රක්ෂණ මිල ගණන් අනුව
රක්ෂණය (Title රක්ෂණය): අදාළ නම් - රක්ෂණ මිල ගණන් අනුව
මුද්දර ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 0.1% (ලබාගත් ඉල්ලුමේ පොරොන්දු පත්‍රය සඳහා )
නෛතික ගාස්තුව: ගිවිසුමේ වටිනාකමට අනුව
තක්සේරු ගාස්තුව: දේපල වටිනාකම අනුව
පුද්ගලික ණය
ඔබේ ජීවිතයේ ඇති බොහෝ විශේෂ දේවල් සඳහා අවශ්‍ය වන සියලුම උපකාරයන් කිරීමට අපි මෙහි සිටිමු.
සිංගර් ෆිනෑන්ස් හි අපට, සෑම ණයක්ම පුද්ගලික වන බැවින්, ඔබේ අවශ්‍යතාවයට අනුකුලව විශේෂයෙන් නිර්මාණය කර ඇති සහ ඔබේ සියලු සුවිශේෂී අවශ්‍යතා වලට ගැලපෙන ලෙස අපගේ පුද්ගලික ණය යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 15.50% (වසරකට), උපරිම අනුපාතය - 30.00% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 4.5% (මාසිකව)
වෙනත් ගාස්තු
සේවා ගාස්තු: ගිවිසුමේ වටිනාකමට අනුව (පහත වගුව බලන්න)
රක්ෂණ වාරික ගාස්තුව: රක්ෂණ මිල ගණන් අනුව
මුද්දර ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 0.1% (ලබාගත් ඉල්ලුමේ පොරොන්දු පත්‍රය සඳහා)
ස්ථාවර තැන්පතු ණය (තාවකාලික ආපසු ගෙවීම්)
තැන්පතු කරුවන්ට තම ස්ථාවර තැන්පතු ප්‍රාග්ධනයෙන් උපරිම වශයෙන් 75% (ස්ථාවර තැන්පතුවලට පොළිය මාසිකව ගෙවන්නේ නම්) හෝ 80% (කල්පිරීමේදී පොලී ගෙවන්නේ නම්) දක්වා තාවකාලික ආපසු ගෙවීම් (ණය) ලබා ගත හැකිය.
ස්ථාවර තැන්පතු මත පොලී අනුපාතයට අමතරව වසරකට 5% ක සියල්ල ඇතුළත් සේවා ගාස්තුවක් මෙවැනි ආපසු ගෙවීම් සඳහා අය වේ.
මෙම පහසුකම කළමනාකාරිත්වයේ අභිමතය පරිදි ලබාදෙන අතර, ඕනෑම අවස්ථාවක තාවකාලික ආපසු ගෙවීම් සඳහා අය කරන සේවා ගාස්තුව වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත.
සමුහ විකුණුම්
මෙම සුවිශේෂී පහසුකම රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පිළිගත් ආයතනවල සේවක මණ්ඩලය සඳහා ලබා ගත හැකිය.
මෙම ආයතනවල සේවකයින්ට ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් තෝරාගෙන ඒ සඳහා මුළු මුදලම එකවර නොගෙවා, මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
මෙම වාරික අදාළ සේවකයාගේ වැටුපෙන් අඩු කර අදාළ ආයතන විසින් අප වෙත එවනු ලැබේ.
පාරිභෝගිකයින් හට පළමු දිනයේ සිටම නිෂ්පාදනයේ ප්‍රතිලාභ භුක්ති විදීමේ හැකියාව ඇත.
මෙම පහසුකම අධීක්ෂණය කිරීම සඳහා අප ප්‍රධාන කාර්යාලයේ අති නවීන තොරතුරු තාක්ෂණ පද්ධතියක් සහ දක්ෂ කාර්ය මණ්ඩලයක් සහිත කැප වූ ඒකකයක් පිහිටුවා ඇත.
අප මෙම අංශයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වෙමින් දිවයින පුරා පිහිටි ප්‍රසිද්ධ ආයතන 400කට අධික සංඛ්‍යාවක සේවක සේවිකාවන්ට මෙම මුලය්‍ය පහසුකම සපයා ඇත.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 35.00% (වසරකට), උපරිම අනුපාතය - 40.00% (වසරකට)
දඩ පොලිය: අදාළ නොවේ.
වෙනත් ගාස්තු: අදාළ නොවේ.
ක්ෂුද්‍ර මූල්‍ය
මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම හරහා ව්‍යවසායකයින් හට කණ්ඩායමක් ලෙස ණය පහසුකම් සඳහා අයදුම් කිරීමට හැකියාව ඇත.
කුඩා ව්‍යවසායකයින් ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ සහ උපකරණ, ගෘහ භාණ්ඩ සහ සවිකිරීම් සඳහා අරමුදල් සැපයීමට, තොග සැපයුම්, සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මෙම ණය මුදල ඉල්ලුම් කරනු ලබයි.
2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත සහ ගිවිසුම් නීතිය යනු ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනත වේ.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 35.00% (වසරකට), උපරිම අනුපාතය - 38.00% (වසරකට)
දඩ පොලිය: අදාළ නොවේ.
වෙනත් ගාස්තු
සේවා ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 3%
ණය කළමනා කරණ අරමුදල: ගිවිසුමේ වටිනාකමින් 1.5%
ඇතුල්වීමේ ගාස්තුව: රු.500/- (පළමු චක්‍රය සඳහා පමණි)
ණය සැකසුම් ගාස්තුව සඳහා: රු.600/- (ඉතිරි කිරීම් ගිණුම් ආරම්භ කිරීම සඳහා)
මුද්දර ගාස්තු: ගිවිසුමේ වටිනාකමින් 0.1% (ලබාගත් ඉල්ලුමේ පොරොන්දු පත්‍රය සඳහා)
සාධ්‍යකරණය (ෆැක්ටරින්)
සාධ්‍යකරණය (ෆැක්ටරින්) යනු ණය කොන්දේසි මත භාණ්ඩ හා සේවා අලෙවි කරන ව්‍යාපාරයක මුදල් ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති කාරක ප්‍රාග්ධන විසඳුමකි.
බැංකු අරමුදල් සැපයීම නොකරන විට පවා, සාධ්‍යකරණය (ෆැක්ටරින්) මඟින් මූල්‍ය පහසුකම් සපයා ගත හැකිය.සපයන ලද නිෂ්පාදන හෝ සපයනු ලබන සේවාවන් සඳහා නිකුත් කර ඇති ඉන්වොයිසි සඳහා මුදල් ලැබීමේ වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය මෙයයි.
සාධ්‍ය කරණයේදී අපි ඔබගේ ලැබිය යුතු ණය මත කරන ලද විකුණුම් වට්ටමක් යටතේ මිලදී ගෙන ඔබට 70% - 85% ක මුදල් අත්තිකාරමක් ලබා දෙන්නෙමු.ණය ගැතියන් ඔවුන්ගේ ගෙවීම් කරන තුරු ඔබට අප විසින් ඔබේ ණය ගැතියන් වෙනුවෙන් ඔබට ගෙවන්නෙමු.සාධ්‍ය කරණය මඟින් ණය කළමනා කරණයේ ඔබේ ව්‍යාපාරයේ වර්ධනය වේගවත් කළ හැකිය.
අමතර ඇපකරයක් තිබේ නම්, එනම් දේපලක් හෝ වාහනයක් මත ප්‍රාථමික උකසක් තිබේ නම්, 1990 අංක 3 දරන උකස් පනත (සංශෝධන) සාධ්‍යකරණය (ෆැක්ටරින්) සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනතට අදාළ වේ.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - AWPLR (මසකට) + 06%, උපරිම අනුපාතය - AWPLR (මසකට) + 23%
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - අවම අනුපාතය 36% (වසරකට), උපරිම අනුපාතය 54% (වසරකට)
ෆැක්ටරින් ගාස්තු: අවම අනුපාතය 0.20%, උපරිම අනුපාතය 3%
සේවා ගාස්තු: අවම අනුපාතය 0.1%, උපරිම අනුපාතය 0.2% (ඉන්වොයිසි අගය මත පදනම්ව)
සේවා ගාස්තු වලට අදාල වගුව
වර්ගය | සේවා ගාස්තු මුදල (රු.) | |
මොටර් බයිසිකල් | ඕනෑම මුදලක් | 4,500 |
ත්‍රිරෝද රථ | ඕනෑම මුදලක් | 7,000 |
කුඩා කාර් /ද්විත්ව කාර්ය වාහන | රු.999,999 දක්වා (1000CC ට අඩු) | 10,000 |
රු.1,000,000ට වැඩි (1000CC සහ ඊට වැඩි) | 13,000 | |
කාර්/වෑන්/සිංගල් කැබ්/ඩබල් කැබ්/ මෝටර් කෝච් (වෑන්) | 999,999 සහ ඊට අඩු | 11,000 |
1,000,000-1,999,999 | 16,000 | |
2,000,000-2,999,999 | 22,000 | |
3,000,000-4,999,999 | 24,000 | |
5,000,000-11,999,999 | 32,000 | |
12,000,000-19,999,999 | 50,000 | |
20,000,000-29,999,999 | 70,000 | |
30,000,000-49,999,999 | 80,000 | |
50,000,000 සහ ඊට වැඩි | 100,000 | |
රෝද දෙකේ ට්‍රැක්ටර් - අලුත් (ලියාපදිංචි කර නොමැති) | ඕනෑම මුදලක් | 7,500 |
රෝද හතරේ ට්‍රැක්ටර් - ලියාපදිංචි කර ඇති | 499,999 සහ ඊට අඩු | 10,000 |
500,000-999,999 | 15,000 | |
1,000,000 1,999,999 | 21,500 | |
2,000,000 ට වැඩි | 26,500 | |
රෝද හතරේ ට්‍රැක්ටර් - අලුත් (ලියාපදිංචි කර නොමැති) | ඕනෑම මුදලක් | 30,000 |
අනෙකුත් සියලුම කාණ්ඩ | 500,000 සහ ඊට අඩු | 13,000 |
500,000-999,999 | 16,500 | |
1,000,000 - 1,999,999 | 22,500 | |
2,000,000-2,999,999 | 30,000 |
සිංහල
දෙමළ
රන් ණය
ශ්‍රී ලාංකික පුරවැසි වයස අවුරුදු 18ට වැඩි රන් හෝ රන් ආභරණ (16K - 24K) හිමි පුරවැසියන්ට රන් ණය පහසුකමක් ලබා ගත හැක.
ණය වාරිකය මාස 1/3/6/9/සහ මාස 12 තෙක් දෙනු ලැබේ.
ඔබේ ණය සඳහා වන පොලී අනුපාතය ස්ථාවර පොලී අනුපාතිකයක් වන අතර ණය ලබා දෙන අවස්ථාවේදී ලබා දී ඇති රන් ණය ටිකට්පතෙහි එය සඳහන් වන අතර පොලිය දෛනික පදනම මත අය කෙරේ.
නිෂ්පාදනයේ ප්‍රධාන ලක්ෂණ
රන් ණය ටිකට්පත් එකකට වඩා ඇති විට එයින් එක් රන් ණය ටිකට්පතක් පමණක් ගෙවා අවසන් කිරිමේ හැකියාව ඇත.
පුර්ව දැනුම්දීමකින් තොරව ඔබ විසින් හෝ ඔබ විසින් නම් කරන ලද පුද්ගලයෙකු විසින් ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.
දිවයින පුරා ස්ථාන 450කට වැඩි ප්‍රමාණයක් හරහා ඔබගේ පහසුව පරිදි වාරික වශයෙන් ආපසු ගෙවීම් සිදු කළ හැක.
ඔබගේ වටිනා රන් භාණ්ඩ සඳහා විශ්වාසනීය විශිෂ්ට සේවාවක් සමඟ ඉහළම ආරක්ෂාවක් සහිතව, 100% ක නොමිලේ රක්ෂණ ආවරණයක් හිමි වේ.
පළමු දින 10 සඳහ පොලියක් අය නොකෙරේ.
කරදරයකින් තොර සේවාවක් හිමි වේ.
පුර්ව දැනුම්දීමකින් තොරව ඔබගේ රන් භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇත.
ආකර්ශනීය පොලී අනුපාත සහිත ඉහළම අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට හැකියාව ඇත.
හොඳින් පුහුණ, පළපුරුද්ද සහිත මිත්‍රශීලී කාර්ය මණ්ඩලයකින් සමන්විතය.
1949 අංක 06 දරන උකස් පනත, ප්‍රධාන වශයෙන් 85, 86, 87 සහ 88 වගන්ති රන් ණය සම්බන්ධයෙන් කටයුතු කරන නීති පනත් වේ.
පොලී සහ දඩ පොලිය
පොලී අනුපාතය: අවම අනුපාතය - 16.80% (වසරකට), උපරිම අනුපාතය - 21.48% (වසරකට)
දඩ පොලිය: නියමිත පොලියට අමතරව - 6% (වසරකට)
වෙනත් ගාස්තු
සේවා ගාස්තුව: ලබා දෙන මුදල < 100,000 - ලබා දෙන මුදලින් 1.50%, ලබා දෙන මුදල 100,000 සිට <500,000 - ලබා දෙන මුදලින් 1.25%, ලබා දෙන මුදල >500,000 - ලබා දෙන මුදලින් 1%
පැමිණිලි හැසිරවීම සහ විසඳුම්
අපගේ මූල්‍ය නිෂ්පාදන සම්බන්ධ පැමිණිලි සඳහා කරුණාකර සමාගමේ පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය බලන්න.
සිංහල
දෙමළ