රැකියා අවස්ථා
SINGER FINANCE සමඟින් ඔබේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තබන්න.
SINGER FINANCE අපේ කණ්ඩායමට සම්බන්ධ වී අප සමඟ ප්‍රතිලාභදායක වෘත්තීය ගමනක් ආරම්භ කරන්න. ශ්‍රී ලංකාවේ උසස්ම සන්නාමයක පූර්ණ කාලීන නියෝජිතයන් වී, සාඩම්බර වෘත්තීය අත්දැකීමක් උපයා ගන්න.
SINGER FINANCE හි අපගේ කළමනාකාරිත්වය සැබවින්ම විශ්වාස කරන්නේ "පුද්ගලයන්" අපගේ විශාලතම සම්පත බවයි. මෙම දර්ශනය සේවක සංවර්ධනය, පිළිගැනීම සහ බලගැන්වීම කෙරෙහි අපගේ අවධානය යොමු කරයි. අපගේ නායකත්වය සේවකයින්ට ඔවුන්ගේ බලාපොරොත්තු හඹා යාමට, ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට දිරිගන්වන පරිසරයක් පෝෂණය කිරීමට කැපවී සිටී. අප හා එක් වී ඔබේ දායකත්වය අගය කරන, ඔබේ වර්ධනයට ප්‍රමුඛත්වය දෙන සේවා ස්ථානයක් අත්විඳින්න.
SINGER FINANCE, පසුගිය වසර 6 පුරාවට අඛණ්ඩව, විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සම්මාන ලබා තිබීම ,ආකර්ෂණීය සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරයි. සේවක යහපැවැත්ම, වෘත්තීය වර්ධනය සහ සේවා-ජීවිත සමතුලිතතාවය සඳහා අපගේ කැපවීම මේ ඔස්සේ පිළිගෙන ඇති අතර මෙය ඔබට අප ආයතනයේ සේවා පරිසරය පිලිබඳ ඉතා හොඳ අවබෝධයක්ද ලබා දෙයි..
SINGER FINANCE හි අපි අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගීතාවය සහ අවංක බව අවධාරණය කරන මිත්‍රශීලී සහ වටිනාකම් මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් පෝෂණය කරමු. අපගේ සේවා ස්ථානය සදාචාර සම්පන්න, විනයගරුක වටිනාකම් වලින් යුතුව විශිෂ්ටත්වය ළඟා කරගැනීම වෙනුවෙන් ගොඩනගා ඇති අතර, කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම වටිනාකමක් සහ සහයෝගයක් ලැබෙන බව ඒ තුළ සහතික කරයි. අපි ඔබගේ මතය විවෘතව ලබාදිය හැකි, නව්‍ය අදහස් දිරිගන්වන සහ සෑම සේවකයෙකුටම දියුණු විය හැකි පරිසරයක් නිර්මාණය කරමු.
SINGER FINANCE හි කොටස්කරුවෙකු වීම යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය සමූහ ව්‍යාපාරය වන ගෞරවනීය හේලීස් සමූහයට සම්බන්ධ වීමයි. මෙය අප ආයතනයේ ස්ථාවරත්වය පිළිබිඹු කරනවා මෙන්ම, වෘත්තීය වර්ධනය සහ සංවර්ධනය සඳහා ඔබට ඇති අතිවිශාල අවස්ථාව ද පසක් කර දෙයි.